- ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව පුද්ගලික හිමිකාරිත්වය යටතේ තබා ගනු ලැබිය හැකි ඉඩම්වල උපරිම ප්‍රමාණය නියමානුකූල කිරීම
- උපරිම සීමාවට අතිරික්තව ඇති ඉඩම් හඳුනා ගැනීම සහ පවරා ගැනීම
- පනතේ විධිවිධාන ප්‍රකාරව නෛතික බැඳීම්වලින් නිදහස් කිරීම
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාළව ප්‍රකාශකරුවන්ට වන්දි ගෙවීම
- පවරා ගනු ලැබූ එහෙත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ පිළිබැඳුමෙන් නිදහස් කරනු ලැබූ ඉඩම්වල අයිතිය ආපසු පැවරීමට පියවර ගැනීම
- ඉඩම් ලේඛන යාවත්කාලී කිරීම සහ ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණයෙන් යුතුව ඉඩම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම
- ප්‍රකාශ කර ඇති එහෙත් මෙතෙක් හඳුනාගෙන නොමැති ඉඩම්.
- උපරිම සීමාවට අතිරික්ත හෙළිදරව් කර නොමැති ඉඩම්.
- අන්සතු කර ඇති එහෙත් ඵලදායී ආයෝජන සඳහා යොදවා නොමැති ඉඩම්.
- රටේ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම පිණිස දායකවීම
- ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘති සඳහා ඉඩම් සැපයීම.
- කෘෂිකාර්මික ව්‍යාපෘති සහ අනෙකුත් වගා කටයුතු සඳහා ඉඩම් සැපයීම. ක්‍රමවේදය බැලීමට ඇතුළුවන්න
- කර්මාන්ත සඳහා ඉඩම් සැපයීම
- රටේ සමාජීය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස දායකත්වය ලබාදීම.
- ඉඩම් නොමැති ජනතාව අතර නිවාස ඉදි කිරීම සඳහා අතර ඉඩම් බෙදා හැරීම.
- රජයේ ප්‍රතිපත්ති තීරණ ප්‍රකාරව දියත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීම.
- ආගමික ස්ථාන සඳහා ඉඩම් ලබාදීම.
- පොදු කාර්යයන් සඳහා ඉඩම් ලබාදීම.
- රජයේ ආයතන සඳහා ඉඩම් ලබාදීම.
- ආදායම් එක්රැස් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
- ස්වභාවික සම්පත් මත ආදායම් එකතු කිරීම
- කල්බදු පදනමින් ඉඩම් ලබාදීම සහ බදුකුලිය එකුතු කිරීම
- රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් ලැබීමට නියමිත මුදල් අයකර ගැනීම
- ආයතනයේ සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම
- කාර්යක්ෂම සහ මැනවින් පුහුණු කරනු ලැබූ කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම
- රාජකාරි නිසි ලෙස පැවැරීම
- බලය විමධ්‍යගත කිරීම තුළින් රාජකාරි පැවරීම
- සාකච්ඡා, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම
- කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය සාක්ෂාත් කරගැනීම පිණිස භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
+94 113 520 165
+94 112 878 052